Vannupatha Jataka 002

වණ්ණුපත ජාතකය  – සිංහල පරිවර්තනය ඉංග්‍රිසි කොටස අවසානයේ..

Once a time when Brahmadatta was king in Benares in Kasi the Bodhisatta was born into a trader’s family. When he was grown up, he used to travel about trading with 500 carts. On one occasion he came to a sandy wilderness sixty leagues across, the send of which was so fine that, when grasped, it slipped through the fingers of the closed fist. As soon as the sun got up, it grew as hot as a bed of charcoal-embers and nobody could walk upon it.

Accordingly, those traversing it used to take fire-wood, water, oil, rice and so forth on their carts, and only traveled by night. At dawn they used to range their carts in a circle to form a laager, with an – awning spread overhead, and after an early meal used to sit in the shade all the day long. When the sun went down, they had their evening meal; and, so soon as the ground became cool, they used to yoke their carts and move forward. Traveling on this desert was like voyaging over the sea; a ‘desert-pilot,’ as he was called, had to convoy them over by knowledge of the stars. And this was the way in which our merchant was now traveling that wilderness.

When he had only some seven more miles before him, he thought to himself, “To –night will see us out of this sandy wilderness.” So, after they had had their supper, he ordered the wood and water to be thrown away, and yoking his carts, set out on the road. In the front cart set the pilot upon a couch looking up to the stars in the heavens and directing the course thereby. But so long had he been without sleep that he was tired out and fell asleep, with the result that he did not mark that the oxen had turned round and were retracing their steps.

All night the oxen kept on their way, but at dawn the pilot woke up, and, observing the disposition of the stars overhead, shouted out, “Turn the carts round! turn the carts round!” And as they turned the carts round and were forming them into line, the day broke. “Why this is where we camped yesterday,” cried the people of the caravan. “All our wood and water is gone, and we are lost.” So saying, they unyoked their carts and made a larger and spread the awning overhead; then each man flung himself down in despair beneath his own cart. Thought the Brahmadatta to himself, “If I give in, every single one will perish.” So he ranged to and fro while it was still early and cool, until he came on a clump of kusa-grass. “This grass,” thought he “can only have grown up here thanks to the presence of water underneath.” So he ordered a spade to be brought and a hole to be dug at that spot. Sixty cubits down they dug, till at that depth the spade struck on a rock and everybody lost heart. But the Brahmadatta, feeling sure there must be water under that rock, descended into the hole and took his stand upon the rock. Stooping down, he applied his ear to it, and listened. Catching the sound of water flowing beneath, he came out and said to a serving-lad, “My boy, if you give in, we shall all perish. So take heart and courage. Go down into the hole with this iron sledge-hammer, and strike the rock.”

Obedient to his master’s bidding, the lad, resolute where all others had lost heart, went down and struck the rock. The rock which had dammed the stream, split asunder and fell in. Up rose the water in the hole till it was as high as a palm-tree; and everybody drank and bathed. Then they chopped up their spare axles and yokes and other surplus gear, cooked their rice and ate it, and fed their oxen. And as soon as the sun set, they hoisted a flag by the said of the well and traveled on to their destination. There they bartered away their goods for twice and four times their value. With the proceeds they returned to their own home, where they lived Out their term of life and in the end passed away to fare thereafter according to their deserts. The Brahmadatta too after a life spent in charity and other good works, passed away likewise to fare according to his deserts.

වණ්ණුපත ජාතකය

තවද එක් සමයෙක්හි බුදුහු දෙව්රම් වෙහෙර වැඩවසනසේක් භාවනා කිරීමෙහි හරණලද විර්යය ඇති භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ කෙසේද? යත්

බුදුරජානන් වහන්සේ සැවැත්නුවර වසන කල්හි එම නුවර වසන්නා වූ එක් කුලපුත්‍රයෙක් ජේතවනාරාමයට ගොස් බුදුන්ගෙන් බණ අසා රත්නත්‍රයෙහි ප්‍රසන්න වූ සිත් ඇතිව කාමයෙහි ආදීනව හා ප්‍රවෘජ්‍යාවෙහි අනුසස් අසා මහණව උපසම්පදා පස්වසක් ඇතුළත උභයමාතෘකාව වනපොත්කොට සික්ෂා පද ඉගෙන භාවනා මාර්ගයන් ඉගෙන සර්වඥයන් සමීපයේදී තමන් වහන්සේට අභිප්‍රාය වූ කර්මස්ථානයක් ගෙන උදකලාව වාසය කැමතිව වලට වැද වනයෙහි සැදැහැ ඇති උපාසක වරුන් විසින් කරවා පිළිගන්වන ලද පන්සලක වස් වැස වස් තුන් මස මුළුල්ලෙහි මාර්ග ඵල උපදවන්නට උත්සාහ කරණ සේක් විදර්ශනා ලෝකයක් වේවායි ප්‍රතිභාග නිමිත්තක් වේවායි උපදාව ගත නොහි මෙසේ සිතු සේක. සර්වඥයන් වහන්සේ විසින් පුද්ගලයෝ සතර දෙනෙක් වදාරණ ලද මොහුන් සතර දෙනා අතුරින් මා පද පරම වන්ට කාරණය වන්නේය. මට මේ ආත්ම භාවයෙහි මාර්ගයෙක් වත් ඵලයක් වත් නැතැයි සිතමි. එසේ හෙයින් මේ වනයේ වැස කුමක් කෙරෙම්ද?. සර්වඥයන් වහන්සේ සමීපයට ගොස් රූපාග්‍ර ප්‍රාප්ත වූ බුදුන්ගේ ශරීරය බල බලා මිහිරී වූ බණ අසමින් විසියෙම් වීම් නම් යහපත් වන්නේයැයි සිතා නැවත ජේතවනා රාමයට වැඩි සේක. උන් වහන්සේ දැක සන්ද්‍රාදෘෂ්ට සම්භක්ත භික්ෂූහූ මෙසේ කිවුහ. ඇවැත්නි තෙපි ලොව්තුරා බුදුන්ගෙන් කමටහන් ගෙන මහණ දම් කෙරෙමි ගිවිස දැන් වූ කලී වලින් අවුත් සනසන්ඝනීකා යෙහි ඇලී වාසය කරව. කිමෙක්ද තොපගේ ප්‍රවෘජා කෘත්‍යය මුදුන් පැමිණියේද පුනරුත්පත්තියක් නැතුව අර්හත් ඵල ඥානය ප්‍රතිවේද කලාදැයි කීහ. ඇවැත්නි මම මාර්ගයක් වත් නොලැබම අභව්‍ය පුද්ගලයෙක් විය යුතු යැයි සිතා වීර්යය හැර ආමී සේක. එකල්හි භික්ෂුන් වහන්සේ කියන සේක් ඇවැත්නි දෘඪ වීර්යය ඇති සර්වඥයන් වහන්සේගේ සාසනයෙහි මහණව භාවනා කොට මාර්ගඵල ඉපදවීමෙහි වීර්ය අඩුව තොප විසින් අකාර්යක්ම කරන ලද අපහාස කැටිව එව.

සර්වඥයන් වහන්සේ සමීපයට යම් හයි කියා ඒ භික්ෂුව කැඳවාගෙන බුදුන් සමීපයට ගිය සේක. සර්වඥයන් වහන්සේ භික්ෂුන් දැක මහණෙනි තෙපි මේ භික්ෂුව නොකැමැති පරිද්දෙන් කැඳවා ගෙන කුමක් පිණිස අවුද. මොහු විසින් කවර අපරාදයක් කරන ලදැයි විචාරා වදාළ සේක. එකල්හි භික්ෂූන් වහන්සේ දක්වන සේක් ස්වාමීනි මේ මහන මෙබඳු නෛර්යාණික ශාසනයෙහි මහණව මහණ දම් කරන්නේ විර්ය ඇර ආයේ යැයි දැක්වූ සේක. එකල්හි සර්වඥයන් වහන්සේ සැබැද මහණ තා විර්ය හලුයෙහි යැයි වදාරා සැබැව ස්වාමීනි දැන් වූ කල්හි කිමෙක්ද මහණ තෝ මෙබඳු ශාසනයෙහි මහණව අල්පේච්ච සේක. සතෘෂ්ට සේක. කුලයෙහි ගෙණෙහි නොඇලෙන සේක. වඩන ලද වීර්ය ඇති සේකැයි මෙසේ තමා ප්‍රසිද්ධ නොකොට මේ මහණ හරණ ලද වීර්ය ඇත්තේයැයි කුමක් පිණිස ප්‍රකාශ කරවූයෙහිද. මහණ තෝ පෙර වීර්ය වත් වූයේ නොවේද. තා එක තැන් වූ කල වීර්ය නිසා මරු කතර පන්සියයක් ගැල්වල ඒ මිනිසුන් හා ගොන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණියෝ නොවැද දැන් තෝ කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහි වේදැයි වදාල සේක. එකල්හි ඒ මහණ මෙපමණ බසකින් උපසම්ඵහ ලද්දේ විය. ඒ කතාව අසා භික්ෂූන් වහන්සේ බුදුන්ට යාඤ්ඥා කරණ සේක් ස්වමීනි දැන් මේ භික්ෂූ හූ විසින් වීර්ය හල බව අප ඇමට ප්‍රකාශය. අතීතයෙහි මොහු තනි තැනැත්තවූන්ගේ වීර්ය නිසා මරු කතර ගොන් හා මිනිසුන් පැන් ලැබ ස්වාසස්ථානයට පැමිණි බව භවයෙන් පටිච්ඡන්න හෙයින් අපට ප්‍රකාශය නුඹ වහන්සේගේ සර්වඥතා ඥාණයටම ප්‍රකාශය අපටත් ඒ කාරණය ප්‍රකාශ කොට වදාළ මැනවැයි ආරාධනා කළ සේක. එකල්හි සර්වඥයන් වහන්සේ එසේ වී නම් මහණෙනි අසව් යයි කියා ඒ භික්ෂුන්ට සිහි උපදවා භවාන්තරයෙන් සැඟ උනා වූ කාරණය ප්‍රකාශ කොට වදාල සේක.

යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝ සතානෝ සාන්තු නායක කුලයෙහි පිළිසිඳගෙන වැඩි විය පැමිණ පන්සියයක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. මෙසේ වෙළදාම් කොට ඇවිදිනාහු මහා බෝධි සත්වයෝ එක් කලක මරු කතරක පැමිණියාහුය. ඒ වාළුකා කාන්තාරයෙහි වැලි ඉතා සියුම් වන්නේය. මිටින් ගත්වැලි මිට නොසිටින්නේය. හිරු නැගි වේලෙහි පටන් කිහිරඟිරු රැසක් මෙන් කකියන්නේය. පයින් වැලි මැඩගෙන යන්ට නොපිළිවන. එසේ හෙයින් ඒ වාළුකා කාන්තාරයෙහි යන්නා වූ සත්වයෝ දර පැන් තෙල් සහල් ආදිය ගැලින් අරගෙන රාත්‍රියෙහි ගොස් අරුණ නැගුණ වේලෙහි ගැල් මුදා ගැල් පට වලල්ලෙහි සිටුවා මුදුනෙහි කොළ මඩු ඉදිකොට වේලාසනම කා බී ඇකිල මණ්ඩප ඡායාවෙහි ඉඳ දවස් යවා ඉර බැස ගිය කල්හි රාත්‍රි භෝජනය අනුභව කොට බිම සීතලව ගිය කල්හි ගැල් යොදා ගෙන යන්නාහුය. සමුද්‍ර යාත්‍රාවක් හා සමාන වූ ගමන් වන්නේය. ගැල් පදවා ගෙන යන ප්‍රධාන පුරුෂ තෙමේ ගොඩ නියමුවා යැයි නම් ලබන්නට සුදුසු වන්නේය. එසේ හෙයින් තරුසලකුණින් ගැල් සාත්තු පදවාගෙන යන්නේය. අප මහා බෝසතානෝද එකල්හි මේ ක්‍රමයෙන් ඒ මරු කතර යන්නාහු එකුන් සැට යොදුනක් ගොස් දැන් එක රාත්‍රියකින්ම මරුකතර ගෙවා සේම භූමියට පැමිණීම වන්නේයැයි කියහැකි. අවස්ථාවෙහි සවස බත් අනුභව කොට සියළු දර පැන් නිමවා ගැල් යොදා ගෙන නික්මුනාහුය. නියාම පුරුෂයානෝ ඉදිරියේ යන ගැල දික් සඟලා පුටුවක් අතුරුවාගෙන ආකාශයෙහි තරු සලකුණු බලමින් ගැල් මෙසේ පදුව මෙසේ පදුවයි කිය කියා වැදහොත් තැනැත්තෝය. බොහෝ කලක් නොනිදු බැවින් නින්දෙන් මිරිකී නිදන්නට පටන් ගත්තාහුය. එකල්හි ගොන් කරකැවි ආපස්සේ නික්මුනා බව නොදන්නාහු ගැල් අඳනාගොන් සකල රාත්‍රියෙහි අවුත් පළමු දවස් ලැගි තැනටම පැමිණියාහුය. සාත්තු නායක තෙමේ අරුණ නැගෙන වේලෙහි පිබිද නැකැත් තරු බලා ගැල් රඳව රඳවයි කීයේය. මෙසේ කියා ගැල් කරකවා පිළිවෙළින් සිටුවමින් සිටියදීම අරුණු නැංගේය. මනුෂයෝ කියන්නාහු මේ අපගේ කඳවුරු බැඳ උන් තැනය. අපගේ දර පැනුත් නිමවා ගියේය. දැන් නටුවෝමෝදැයි කියා ගැල් මුදා ගැල් වට වලල්ලෙහි සිටුවා මුදුනේ මණ්ඩපයක් කොට තම තමන්ගේ ගැල් යට සෝක ගෙන උන්නාහුය. එවෙලෙහි අප මහ බෝසතානෝ මා විර්ය ඇරපුවොත් සියල්ලෝම නසිතියි සිතා උදෑසන සිසිල් වේලේම ඇවිදිනා තැනැත්තෝ එක් ඊ තන පඳුරක් දැක මේ තණ පඳුරට දිය උරමින් නැංගේ වනැයි සිතා උදැල්ලක් ගෙන්වා ගෙන ඒ ඊතන පඳුර තිබු තැන කණින්ට පටන් ගෙන සැට රියනක් පමණ කැණපූය. මෙතෙක් තැන් කැණ නැවතත් පල්ලේ කන්හයි උදුලු එලන්නාවු මනුෂ්‍යන්ගේ උදුලයට ගල තල මත්තේ වැද ගන්නට පටන් ගත් කල්හි ඇම දෙන අවීරියව ගියහ.

බෝධි සත්වයෝ වනාහී වම් ගල තලින් යට පැන් විය යුතුයයි සිතා ලිඳට බැස ගල තල මත්තෙහි සිට නැමී තමා දියේ යන හඬ පරීක්ෂා කරන්නෝ ගල තල යටින් දිය යන අඬ අසා ලිදෙන් ගොඩ නැගී තමන්ගේ අතවැසි පුරුෂයා හට මෙසේ කිවුය. දරුව තොප අවීරියව ගියෝත් අප සියල්ලෝම නසුම්හ. එසේ හෙයින් තොපි අවීර්යව නොවි පසුනොලැබ වීර්ය වඩා මේ යකුල ගෙන ලිඳට බැස මේ ගල තල මත්තෙහි කුළු ගණනක් එලාපියවයි කියුය. ඒ අසා අතවැසි පුරුෂ මහ බෝසතානන්ගේ වචනය පිළිගෙන ඇමදෙන වීර්ය තබා පියා සිටි කල්හි තෙමේ විර්ය නොහැර ලිඳට බැස ගල තල මත්තෙහි යකුලු ගණනක් එලාපුයේය. එකල්හි ගල තල මධ්‍යනේ බිඳි යට වැටි අවිචින්නව පවත්නා වූ ජල ප්‍රවාහනය ඇස වාගෙන සිටියේය. නාඹ තල් කඳක් සා දිය කඳක් උඩ පැන නැංගේය. එකල්හි සියළු මනුශ්‍යයෝ පැන් බී ජලස්නානය කොට ඉතිරිව තිබු ගැල් සක් ආදිය පුරා කැඳ බත් ආදිය පිස අනුභව කොට ගොනුන් පැන් පොවා තණ ආදීය කවාගෙන ඉර බට වේලෙහි ලිඳ සමීපයෙහි දදජයක් බැඳ මරු කතර ගෙවා තමන් විසින් කැමතිව නල ලද්දා වූ ස්ථානයටම ගියාහුය. ඒ මනුෂ්‍යයෝ තමන් අභිප්‍රාය ස්ථානයෙහිදී බඩු විකුට එකට දෙක හා එකට සතර නියායෙන් දෙදියුණු සතර දියුණු ලාභ ලැබ තමන් පළමු වසන්නා වූ ස්ථානයටම පෙරලා ආවාහ. ඒ හැම මනුෂ්‍යයෝ එහි වසන්නා වූ ආයු පමණින් සිට කම් වූ පරිද්දෙන් මිය පරලව ගියාහය. මහබෝසතානෝද ධානාදී වූ පින්කම් කොට කම් වූ පරිද්දෙන් මියපරලොව ගියාහුය. තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා තවද මත්තෙහි ඒ භික්ෂූන් වහන්සේට ධර්ම දේශනා කරන සේක් යම් සේ වෙළදුන් නොකූසිතව මරු කතර ලිං බැඳ පැන් ලද්දාහුද එපරිද්දෙන්ම මේ සර්වඥ ශාසනයෙහි මහණව නුකූසීතව වීර්ය කරන්නා වූ නුවණැති මහණ තෙමේ iාන මෝක්ෂා මාර්ගඵල ආදී වූ ප්‍රභේද ඇති ලය සැනසීම ලබන්නේය. මහණ තෝ පෙර පැන් පමණක් නිසා වීර්ය කොට දැන් මෙබඳු ර්‍නෛයාත්මික සාසනයේ මහණව මාර්ගඵලයට පැමිණීමෙහි කවර කාරණයකින් වීර්ය ඇරපුයෙහිදැයි මෙසේ නැවතත් ධර්ම දේශනා කොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයැයි කියන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කොට වදාල සේක. චතු සත්‍යය දර්ම දේශනාවගේ කෙළවර පසුබට වීර්ය ඇති භික්ෂූන් වහන්සේ අර්හත් ඵලයෙහි පිහිටි සේක. සාතෘ වූ බුදුරජානන්වහන්සේ අතීත කතාවත් වර්ථ මාන කථාවත් දෙක එක් කොට අනුසන්ධි ගලපා මේ වන්ණුපත ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි නුපසුබට වීර්ය ඇති ගල තල බිඳ මහජනයාට පැන් දුන් අතවැසි පුරුෂයා නම් දැන් මේ පසුබට වීර්ය ඇති මහණ වන්නේය. එසමයෙහි මරු කතර ගියා වූ සෙසු පර්ෂද නම් දැන් මේ බුදු පිරිස් වන්නාහ. එසමයෙහි සාත්තු නායක පුත්‍ර නම් දැන් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.


Leave a Reply

Fill in your details below or click an icon to log in: Logo

You are commenting using your account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s